Home/Songs/දුනුකෙයියා මලක් වගේ

දුනුකෙයියා මලක් වගේ

Dunukeiya Malak Wage

Music: වී. හේමපාල පෙරේරා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට හා බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක් සේ ලැදී
අම්මා යන සමාධියට සිටිමි සම වැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී

සිවු බුදුවරු දුටු ලෙස එක දින එක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිනි නිවෙනව අම්මේ
සක්විති රජවරුනගෙ දන ඔබ ළඟ නැම්මේ
(සිරිමහ බෝමුල මතු දින බුදු වෙනු අම්මේ...///)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.