Font size:
රෑ පැල් රැකලා පැල් කවි කියලා නිදි නැති දෙනෙත බරයි වෙහෙස නිවන්නට තුරුලිය නලවා එන මද පවන සුවයි// බොල් පිණි මත ලා හිරුරැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ මට බහ දුන් දා විලියෙන් ඇඹරේන මැණිකේ කෙනෙක් විලසේ මෙදා සැරේ කුරහන් කිරි වැටිලා සුළඟේ ලෙලදෙනවා කුඹුකෙන් නාගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා රෑ පැල් රැකලා....... ගොවිතැන් සාරයි එකෙන් නැහැ නොවැ අතමිට අඩුපාඩු පළදන්නම් ගෙල මාල සවන් යුග ලෙලවමි රන් තෝඩු ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ මේ කන්නයෙදිම අස්වනු කැපුවම කැපුවම මැණිකෙත් එනවානේ රෑ පැල් රැකලා.......
Singers
Data
Last updated May 2026