Home/Songs/කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ

කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ

Kawurunda Kawuluwa Wahuwe

Font size:
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප් ‍රේමයෙන්

නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා
නිම නොවෙන ප් ‍රේමෙන් නික්මෙලා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා

මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ
අමතකද මා ලඟ උන්නා තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකිනම් ඉක්මනින්

නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා ඉල්ලා යලි එන්නෙ නැති නිසා
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.