Home/Songs/එක දවසක් මම දුටුවා - eka dawasak mama dutuwa

එක දවසක් මම දුටුවා - eka dawasak mama dutuwa

එක දවසක් මම දුටුවා - eka dawasak mama dutuwa

Font size:
එක දවසක් මම දුටුවා 
තව දවසක් මුණ ගැසුණා 
දෙතොල සැළී බිඳුණු හඬින් 
ඔබ  කී දේ  මට සිහි නෑ 

සඳළුතලේ සිටියා බලා 
ඔබ එනවා මග බලලා 
දුරකථනේ මට පිහිට වුණේ 
මී බිඳු මාගේ සවන පිරේ 

එක දවසක් මම දුටුවා 
තව දවසක් මුණ ගැසුණා 
දෙතොල සැළී බිඳුණු හඬින් 
ඔබ කී දේ   මට සිහි නෑ

කවදා කෙසේ එක්වෙමුදෝ 
සිහින ලොවේ ළං වෙමුදෝ 
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ

 එක දවසක් මම දුටුවා 
තව දවසක් මුණ ගැසුණා 
දෙතොල සැළී බිඳුණු හඬින් 
ඔබ කී දේ   මට සිහි නෑ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.