Home/Songs/අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

Andara Wewata Ruwe

Font size:
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ 
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ 
(පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

(මායම් වලින් නුඹ කෝලම් කරයි සායම් ගියොත් තේව වියදම් සැරයි )....//
ඉනට උඩින් බැදි හවඩිය නුඹට බර වැඩියි 
වහන් වෙලා බලන බැල්ම නෙත් කොනෙන් වැටෙයි 
ඔච්චර ළපටි හිතේ විස්තර හරිම අගේ 
කට්ටි පනින හිත තාමත් නුඹට ලෙන්ගතුයි
  
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ 
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ 
(පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ

(මල් වාගේ පෙම් සුවද දෝරේ ගලයි නිම් නාද කොවුලන්ට ඇරයුම් කරයි )....// 
නියර දිගට ඔය දෙපතුල් රෝස පෙති වගේ ගොක් කොළ මල් පැල හදන්න මට හරි ලෝබයි 
පෙම්බර සුවද දැනේ ගින්දර ගහන හිතේ 
කට්ටි පනින හිත නුඹට ලෙන්ගතුයි 

අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ 
හීන කලත්තන හිතේ මට දැනුනා සීත වාගේ 
(පිනි බාන කාලෙ නිදිකුම්බා මැදුරේ මං තාම පන් පැදුරේ තනියේ )....//
අන්දර වැටට රුවේ නුඹ දුටුවා ගම්බද පැලේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.