Font size:
ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා // නියර දිගේ ඇඹුල රැගෙන කුඹුරට එනවා ඔබේ පිනට කරල් පැහෙනවා ඇඹුල බෙදන කලද ම දෙස හොරෙන් බලනවා මගේ හිතට රහස් කියනවා ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා හේනේ පැලේ පැල් රකිද්දි ඔබ සිහිවෙනවා පාළු තනිය නැති වී යනවා මට ලැබේද වෙන ගමකට යාද සිතෙනවා හිතේ දුකට කවි කියවෙනවා ටිකිරිමලී පාසැල් යන පොඩි අඩි පාරේ දෙපස දිගේ සුදු මල් පිපුණා ඔබ ලබනා කෙනෙකු පිනක් කල බව තේරේ මගේ හදවත ඔබ වෙත බැඳුණා //
Singers
Data
Last updated May 2026