දින්නම දෙන්නම් මල්ලී
Dinnama Dennam Malli
Music: දුෂාන් ජයතිලක Lyrics: ජෝජ් සැමුවෙල්
Font size:
දින්නම දෙන්නම් මල්ලී තහඩුද ටකරම් ගැලවී වහලය වැටෙයිද හෙල්ලී කුනු ටික ගන්නට සල්ලී දින්නම දෙන්නම් මල්ලී දින්නම දෙන්නම් මල්ලී නෑ බොරු කියන්නේ මල්ලී හිටියොත් බොක්කෙන් ෆිට් වී දින්නම දෙන්නම් මල්ලී පාලම කැඩිලද පොල් ලී කම්බියේ යන්නෙද එල්ලී හයිවේ හදලා ෆුල් ෆ්‍රී දින්නම දෙන්නම් මල්ලී දින්නම දෙන්නම් මල්ලී.... ලොකු දුව සිටීද ගෙට වී පොඩි කොළු හිරේද කුඩුවී සෞදියේ ගෑණිද හිරවී ගෙන්නලා දෙන්නම් මල්ලී දින්නම දෙන්නම් මල්ලී.... national security country wifi google tab free economy stability wealthy freedom making මල්ලී දින්නම දෙන්නම් මල්ලී.... දින්නම දෙනවා කිව්වොත් කිව්වා පපුවේ කොටලා කියන්නේ මෙව්වා හොරකම් නෑ වංචා නෑ ගමටම රටටම දෙනවා රටටම දෙනවා දෙනවා