Font size:
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි මුළු කොලේ පුර ලීවේ එක පේළියයි මුළු හදවතින්ම මම ඔබ හට ආදරෙයි අටවක සඳ පොඩි උනාට හරි හැඩයි පුර හදටත් වැඩියෙන් අවිහිංසකයි ඒ තරම්ම මගේ සෙනෙහස සුන්දරයි මට කියා දෙන්න බැ මම හරි අසරණයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... / හීනවලට හුරු කෙරුවේ ඔබතමයි හීන වලින් මැත් වෙන්න මට බයයි ඒ හීනෙට කවදත් මම ආදරෙයි අහිමි වෙන්න එපා ඔබට පව් පිරෙයි සීගිරියේ කුරුටු ගීත ලස්සනයි... /