Home/Songs/ශ්‍රී සමබුද්ධ රාජා

ශ්‍රී සමබුද්ධ රාජා

Sri Sambudda Raja

Font size:
ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් - මා සෑසී තිලෝනා වඳිම්
හද පුදසුන් සදා එහි බැතිමල් පුදා - මා සෑසී තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වදිම්

අංගුලිමාල නාලාගිරී - ලෝ සතුන් රාග පාපෙන් පිරී
අදමි පව් දම් දැමූ දම් අමාවෙන් තෙමූ
දම් රජාණන් වඳිම් සෑමදා

සිව් සැකී සත් කෙළක් දුක දරා - සිව් සුවේ පස් මරුන් මන් මරා
පාරමී දම් පුරා බුදු වූ ලොව්තුරා
දම් රජාණන් වඳිම් සෑමදා

මුල් සෙවූ වේදනා සාදනා - ඉන් මිදෙව් සේක මේ ලොව් දනා
අන්ධකාරේ නැසූ මිහිරි සදහම් දෙසූ
ලෝ පියාණන් වදිම් සෑමදා

මා සෑසී තිලෝනා වඳිම්



Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.