Font size:
අවන්හලේදී මා ඈ දුටුවේ පුදුමයි මෙහේ කොහේද ඈ ගමේදී අගේ කරාපු රූපේ නගරෙදී දැක්කේ අදමයි ඈ ගමේදී කතා දමන්නට බෑ ආයෙත් මේ වාරේ එන්නේ නෑ (නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//) අද නම් අහනවමයි මං ඈගෙන් ඔයා මට ආදරේද කියලා වාත්තු කෙරුවා වාගේ රූපේ හිතේ ඉඩක් තිබේද වෙන්කරලා අවන්හලේ වෙන කව්රුත් නෑ ආයෙත් මේ වාරේ එන්නේ නෑ (නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//) හොරැහින් හොඳහැටි වටපිට බලලා ඕන එකක් උනාදෙන් කියලා ටිකෙන් ටික ඈට ළං කෙරුවා හෙමින් හෙමින් මම ළං කෙරුවා වෙන කව්දෝ ඈ වෙත ගමන් කළා කවුදෝ මේ පාත්වුණ හෙනහුරා (නදීකා නදීකා ගමේම ලස්සන කෙල්ලයි ඈ....//)