Home/Songs/තහනම් දැන් මට

තහනම් දැන් මට

Thahanam Dan Mata

Music: කේෂාන් පෙරේරා Lyrics: කුෂාන් මනින්ද්‍ර
Font size:
තහනම් දැන් මට ඔයාගේ රූපෙ පේනා තැනක ඉන්නත්
මේ ලෝකේ පවුරු බැඳිලා අප වටා 
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්
පුළුවන් නම් තව මෙ කාලේ නවතලා

අපි ආයේ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ
එතකල් ඉන්නවා මග බලා 
මා ඉන්නේ ලතැවිල්ලේ 
හිත ඇතුලේ ගිනි දැල්වේ ඔබ දන්නෑ මගේ වේදනා.......

තහනම් දැන් මට ඔයාගේ....

ඇයිදෝ මේ බාධා අපි කාටත් නෑ වරදක් කරලා
මේ කඳුලක් පාසා පෙම තව වැඩිවුණා
නෑ අන්සතු වෙන්නේ ඔබ මා ඉන්නා තුරු මේ ලෝකේ
ඒ බව දිවුරන්නම් ඔබ දුක් වෙන්නෙපා
අන්සතු වෙයි කියා හිතන්නත් එපා
සදාකල් මගේමයි ඔයා......

ආදරයේ නාමෙන් මේතාක් කාල් වින්දේ දුක විතරයි
ඒ ගැන වෙන කව්රුත් නැහැ තේරුම් ගන්නේ
ජීවිතයම මාගේ පවතින්නේ ඔබෙ සෙනෙහේ හින්දා
මා හැර ඔබ ගියොතින් අසරණ වේවී මා
ඉතින් කිසිමදා වෙනස් වෙන්නෙපා 
සදාකල් මගේමයි ඔයා......

තහනම් දැන් මට ඔයාගේ....
අපි ආයේ හමුවෙන්නේ.... 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.