Home/Songs/මන්ගෝ කළු නැන්දේ

මන්ගෝ කළු නැන්දේ

Mango Kalu Nande

Font size:
මන්ගෝ කළු නැන්දේ 
මොක දැ මේ පැත්තේ 
හැන්දෑ යාමේ බලා 
ගෙදරින්..... පැනගත්තේ...//

බුලත් කොරටුවේ ලපටි දළු පැහේ
මන්ගොට දැන් හරිම වැඩ වගේ 
පොලට ගෙනල්ලා ලාබෙට විකුනාලා 
ගෙදර එන්නේ හිනා වැහි වැහි....  

මන්ගෝ කළු නැන්දේ....../

මන්ගෝ නැන්දගේ දුව අංගෝ කුමාරි 
ගිය සුමානේ පැනලා ගිහිල්ලා 
ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා 
වැඩක් නැනේ දැන් පසුතැවිලා.....

මන්ගෝ කළු නැන්දේ....../

අහල පහල හැමෝම ඇගේ කටට බය වෙලා 
ඉන්නේ ඈට දිනුම පවරලා 
මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා 
දහයට ගැනගන්න බැහැ වගේ.......

මන්ගෝ කළු නැන්දේ......//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.