මූදු වෙරළට එන්නේ නෑ
Mudu Weralata Enne Na
Font size:
දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගම රට හැර දමා හරිම ආසයි යන්න ඇත්නම් තවත් සැරයක් ඔබ බලාලා මාගේ රන්කඳ ප්‍රිය ළඳේ කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ සුදට සුදු පෙණ සෙමර සලමින් වෙරළ සිප එන හැටි පෙනේ මූදු රළ පෙළ බොළඳ මියුලැස ඔබට මුතු මාලා ගෙනෙයි මාගේ රසවතී සඳවතී කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ සුමුදු පානේ ඔබේ අත ගෙන බඹර රැව් පෙම් ගී ගයා යොවුන් මල්බර වසන්තය ඔබේ නමට බැන්දෙමි රස සොයා මාගේ සිරිලය පෙම්ලියේ කාලෙකට මම එන්නේ නෑ කාලෙකට මම ඔබ දකින්නට මූදු වෙරළට එන්නේ නෑ ළඳේ මේකයි කදෝ කෙමි නිල් පබළු ඉහිරෙන රසික කාලය මගේ මුළු ලය මඬල නලවන ගීතවත් වුණු උමතු ආලය මාගේ පබසරී රසවතී කාලෙකට මම එන්නේ නෑ ඔබ දකින්නට කාලෙකට මම මූදු වෙරළට එන්නේ නෑ