මේ තරම් ආදරේ
Me Tharam Adare
Music: තිවන්ක ලක්මාල් Lyrics: තිවන්ක ලක්මාල්
Font size:
සඳ නැති අඳුරු රැයක නෙතඟේ කඳුලු බිඳක බොඳවී ඔබේ රුව පෙනුණා... මා නෙතු හැඬූ විටෙක මගේ හද මට නැති විට මා තනි වී යැයි සිතුණා... මේ තරම් මට ආදරේ ඇයි කළේ ඔයා මට ආයෙමත් ඔයා වගේ කෙනෙක් පතන්න බෑ ඔය නෙතු මං වෙනුවෙන් කඳුලින් තෙමුණ තරම් මට නොකියාම හිටියේ ඇයි ආදරියේ... අපි අත් අල්ලාගෙන ඈතට ඇවිදින් ගිය කාලය ආයෙත් එනවා නම් තව එක මොහොතක්වත් මට ඉඩ දෙනවා නම් ඔබගේ තුරුලේ මියැදෙන්නම්... මගේ හිත උතුරා ගිය මේ ආදරයේ හැඩ ඔබ හට කියන්න තිබුණා නම් ඔය නිල් ඇහිපිය යට ආයෙත් හෙට හවසට මට තනිවෙන්නට හැකිවේ නම්...