සැරයටියෙන් අපි යනෙන තුරා
Sarayatiyen Api
Music: සරත් දසනායක Lyrics: සෝමරත්න දිසානායක
Font size:
M: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු F: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු සංසාරෙන් අපි සමුගත්තා දා ඒ ගමනත් අපි එකට යමු M: ජීවන මං පෙත මලින් සැදී ගිය - යුගයක නොව ඔබ හමු වුයේ කටු කොහොලින් පිරි කළල් දියේ මා - තනිව මියෙද්දිය හමු වුයේ F: මින් මතු මං පෙත මලින් සදන්නෙමි - ලතැවුල් සෝ ගී නෑසෙන සේ පමණක් නොව මේ සංසාරේ - හෙට දින වුව මතු සංසාරේ M: මතු සංසාරේ මා හුරුබුහුටිව - පෙම් කරනා කල එළඹෙන දා කුළුදුල් නැකතින් හමුවන පැතුමක් - පතනෙමු සසරින් නික්මෙන දා F: සංසිඳුවා සිතු පහන් කරන්නෙමි - මේ පෙම කුළුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ - කැපවෙමි ඔබ සිතු ගැනම සිතා M: සැරයටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු F: සංසාරෙන් අපි සමුගත්තා දා ඒ ගමනත් අපි එකට යමු
Data
Last updated May 2026