අම්මේ හඬනු එපා
Amme Handanu Epa
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: යූ ප්‍රගීත් රාජපක්ෂ
Font size:
අම්මේ හඬනු එපා අම්මේ තැවෙනු එපා පෙර කළ පවකට දඬුවම් ලැබුණා මරණය මට ලැබුණා..../// අම්මා අම්මා අම්මා අම්මා...... නොකරපු වරදට දඬුවම් ලැබුණා අවනීතිය ලොව රජ කෙරුවේ මනුස්සකම් පිරිහී ගිය යුගයක දෙවියොත් නැහැ පිහිටට හිටියේ මා ගැන මතකය හිතින් අතුගා දමන්න මගේ ආදර අම්මේ මරණින් පසු මතු යළි භවයක පුතෙකු වන්න අවසර අම්මේ අම්මා අම්මා අම්මා අම්මා...... යුක්තිය ධර්මය කනපිට පෙරලා මිල මුදලට නීතිය විකිණේ මරණෙට කැපවුණු අපි වගේ උදවිය අසාධාරණය මත වැලලේ මා ගැන මතකය..... අම්මේ හඬනු එපා......