Font size:
පමා වෙලා සඳ ඇවිදින් ඊට කලින් ඔබ ඇවිදින් // හිරුට මුවාවී රහසින් ආදරයක් තුරුළු කරන් හිත පිච්චී යන්න කලින් එන්නකෝ මගේ ළඟට හොරෙන් // ආදර මල් පිපෙන වෙලේ හිත අද්දර සෙනෙහේ විලේ // රාස්සිගේ අව් රැල්ලේ ගින්දර මල් හිත පතුලේ හිත පිච්චී යන්න කලින් එන්නකෝ මගේ ළඟට හොරෙන් // හදසක් මල් පිපෙන රැයේ හිරිමල් අපේ යොවුන් වියේ // උණුහුමකට බයේ බයේ හිත හඬනවා ගෙවෙන පැයේ හිත පිච්චී යන්න කලින් එන්නකෝ මගේ ළඟට හොරෙන් // පමා වෙලා සඳ ඇවිදින් ....
Singers
Data
Last updated May 2026