Font size:
සඳට හැකි නම් දුර ගෙවාන ඉදිකඩ පැන ගෙට එන්න ඔබට නොහැකි ඇයි ඉඳි හිටලා වත් වත දැක ගන්නට එන්න ගසට හැකි නම් මගේ ගෙමිඳුල මල් වලින් සරසන්න ඔබට නොහැකි ඇයි ඔබේ සුවඳින් යහන මගෙ පුරවන්න රළට හැකි නම් වෙරළ මත වෙලි වෙලී දැවවෙන්න ඔබට නොහැකි ඇයි රෝස කොපුල් යුග මට සිඹින්න ඉඩ දෙන්න
Singers
Data
Last updated May 2026