Home/Songs/තොත්ත බබාලා

තොත්ත බබාලා

Thoththa Babala (Theme Song)

Font size:
දොයි දොයි දොයිය බබාලා
බයි බයි බයිය බබාලා
අහිංසක පුංචි බබා නම විකුණන
ඔක්කොම තොත්ත බබාලා
බබා වගේ හැසිරී රට රවටන
වැඩිහිටි තොත්ත බබාලා…

බබා පාර්ට් එක තුන්දොස් වලට ගුණයි
බබා ප්‍රෙෂර් එක ලිස්සලා යන්ට හොඳයි
බබා කෙඳිරියෙන් තනතුරු පදවි ලබයි
බබා නමින් රජ වැඩ ලොකු ඈයෝ ගනී…

බබා කතාවෙන් කාරිය පැහැර හරී
බබා හිනාවෙන් අනුන්ව කපා දමයි
බබා වගේ හිඳ හොඳ හොඳ වාසි ලබයි
බබා නමින් රජ වැඩ ලොකු ඈයෝ ගනී…

දොයි දොයි දොයිය…

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.