Home/Songs/විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා

විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා

Wilson Masterge Sarpinawa Meeyo Kala

Font size:
විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලා 
මිනිහට යකා නැගලා දැන් 
බැලෝ එකට අන්ඩ දාලා 
හුලන් යනවා හෝස් ගාලා 
සරිගම අවුල් වෙලා බං

ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවා 
යකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවා 
අමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවා 
මාස්ටර්ම පොල්තෙල් පහනත් දල්වනවා 

තිරේ ඇදලා ලයිට් දාලා ඩෝලේ ගහනවා 
සර්පිනාව හෝස් ගාලා සද්දේ ඇහෙනවා 
ඒ සද්දෙට අහල පහල බල්ලෝ බුරනවා
වටේ බලං ඉන්න කොල්ලෝ විසිල් ගහනවා 

මාස්ටර්ගේ සංගීතෙට ලෙඩේ ඇදෙනවා 
ඔයින් මෙයින් නාට්ටියත් නතර කරනවා 
වේදිකාවේ රියල් වැඩක් දෙන්න හදනවා 
බයිලා කැසට් දාලා කොල්ලෝ බක්කෝ නටනවා 

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.