Font size:
බේරෙන පැණි බිඳු රතු මී වද බඳු පැණි රඹුටන් ගස් ගානේ ලේනුන් ගිරවුන් පලවා හරිමින් ටකය බැදෙන මල් වානේ (කුමරිය ඔබ මා දිනූ ගමයි මා සතු වස්තුව ඔබම තමයි....//) රුපු දිය වද්දන පෙර ජය වද්දන පුරයයි ඈත පෙනෙන්නේ කැළණිය බෝ පත් පිස එන සුළඟින් ඔබ සිල් සුවඳ ලබන්නේ (මිණි මුතු වන මල් දිවා රැයේ ඔබ පින්බරියකි කුමාරියේ...//) බේරෙන පැණි... ගොයම් කපද්දී පුරන් කොටද්දී කුඹුරට බැස යන ගොවියෝ කැවිලි පෙවිලි බත බුලත රැගෙන එන නාඹර ඒ ගම් දැරියෝ (නල මෙන් දෙසවන අම බිංදූ ගයතී සී පද කවි සිංදූ....//) බේරෙන පැණි...
Singers
Data
Last updated May 2026