Font size:
බැමිණිතියා මහ සායේ මහ වැව් දිය කිරි වැරු දා මහලු හදවත දවන සුසුමෙන් කෑඳැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා අම්මා අම්මා... දෙතොලග පවස නිවූ අම්මා.... සෙනෙහස පුරවාමී තෙල් පානට රෑ තුන්යාමේ හිත මොලවා ගෙන දුරුතු හීතලේ වෙව්ලන දෑතින් දඬුවැට බැඳ කිරි කුරහන් හේනට නිදි වැරුවා අම්මා.... කුරුලු මවක සේ වී ඇට අහුලන මැඩුවන් කන්දේ දුක සඟවා ගෙන බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා පතකට වී ඇට සොයමින් යායක කමත් වෙළු අම්මා.... බැමිණිතියා....