Font size:
ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි නොවිඳපු සුව සෑදේමයි රන් රස සේ පෑහේමයි ඔබගේ ලොව මාගේමයි සතුටේ මල් පීදේමයි පෙර මග මුතු පෑදේමයි කිරි පැණි සේ පෑහේමයි සංසාරේ කෙම් බිම් සොයා සොයා හිතූ පැතූ දේ තිරසර වුණා ශෘංගාරේ පෙම් පැණි පොවා පොවා සිනා සලාලා තුරුළට වෙලා සීතල හිම ලන්දේ මේ උණුසුම මට ඕනෑ වේ පෙම් සිලිලාරේ මා මත් වුණා පෙම් සිහිනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා හද ගොළු වෙලා සන්තෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා උමතුව ගියා සිර ගෙය බින්දේ ඔබයි මා සිත දන්නේ ඔබයි පෙම් සිලිලාරේ මා මත් වුණා
Singers
Data
Last updated May 2026