Home/Songs/මේ උදාර ලංකා

මේ උදාර ලංකා

Me Udara Lanka

Font size:
මේ උදාර ලංකා භූමියයි 
වීර දාර මා උපන් බිමයි 
මේක සිංහලුන් උපන් රටයි 
තේජමාන ජාතියේ නමයි//

මේ බිමෙහි සුන්දරත්වයෙන් 
සෝබමාන දෙව් ලොවක් මැවේ
ඒ ලොවෙහි නිර්මලත්වයෙන් 
අම්බරේහි කිර්ති රැස් දිලේ 

මේ උදාර ලංකා...

මේ මනෝන ලංකා භුමියේ 
ඓතිහාසයන් සදා රැඳේ 
වික්‍රමාන රාජ වංශයේ 
නාමයෙන් නැගෙන්න පුන්සඳේ 

මේ උදාර ලංකා...//
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.