Home/Songs/බංගලි වළලු

බංගලි වළලු

Bangali Walalu

Music: අර්නස්ට් සොයිසා Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව
රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව
එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව...//

යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා
බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා
ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා
දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා...

බංගලි වළලු.../

දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට
ඕවිට අසල දිය උතුරන පොකුණ පිට
තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට
නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට...

බංගලි වළලු...//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.