Home/Songs/දුක දන්නේ ඇස් දෙක විතරයි

දුක දන්නේ ඇස් දෙක විතරයි

Duka Danne As Deka Witharai

Music: රොමේෂ් සුගතපාල Lyrics: සත්සර කසුන් පතිරණ
Font size:
දුක දන්නේ ඇස් දෙක විතරයි 
තනියට ඇත්තේ මතකය පමණයි
උණුහුම වින්දේ ඔබ මා තුරුලේ 
නැවතුම තිබ්බේ ඔබමයි සෙනෙහේ
ඔබ කීව කතා ඉර හඳ දිව්රා මගේ හදවත රිද්දයි
ඔබ ඉන්නේ තුටින් මා අමතක නම් ආදරේ පුදුමයි......

ආව දුර අපි සසර ගමනේ මගින් නවතා කොහොම හැරුණේ
කව්ද දන්නේ හදේ ශෝකේ මටම විතරක් උරුම කෙරුවේ
ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ 
දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ...... 

ඔබව අහිමිව ගිය එදිනයේ මට මාවත් අයිත් නැත්තේ
ඔබම ආවොත් යළිත් මා වෙත් එක් වරක්වත් හැදෙයි මේ හිත
ඔබට වඩා මං ඔබ ගැන හිතුවේ 
දන්නේ නැහැ සෙනෙහේ මං විතරයි දන්නේ...... 

දුක දන්නේ......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.