පරසිඳු කොලොම්පුරේ
Parasidu Kolompure
Music: ස්ටැන්ලි පීරිස් Lyrics: වර්නන් පෙරේරා
Font size:
පරසිඳු කොලොම්පුරේ මෝදර ගං ඉවුරු කොනේ වියෝලෙ නාදේ ඇසෙන්නේ හරියට වැටිලා පොරේ පෙන්නලා දුන් බයිලා සැරේ බයිලා රජා ගැනයි කියන්නේ ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...// සමාජ සේවකයා ඔහු පොලිසියේ ගායක කිව්වම කව්ද නොදන්නේ වයලින් වාදකයා ඔහු බයිලා නායකයා මේ බව කවුරුත් දන්නේ ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...// මුල් තැන අරගත්තේ ගිය ගිය තැන ජය ගත්තේ බයිලා රාග තාල වනාලා හොඳ නම අර ගත්තේ රැක ගෙන ඔහු සිය තත්වේ කප් එක සුරතේ දරාලා ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන් බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්...//