සඳපාන වාගේ දිළෙන්නේ
Sanda Pana Wage Dilenne
Music: රූකාන්ත ගුණතිලක Lyrics: නන්දන වික්‍රමගේ
Font size:
සඳපාන වාගේ දිළෙන්නේ ඔබමයි හදේහි රැඳෙන්නේ නිල් විල් ජලාසේ හංසිය විලාසේ මා හද විලේ සැරිසරන්නේ සඳපාන වාගේ දිළෙන්නේ ඔබමයි හදේහි රැඳෙන්නේ මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලා සමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ මල් පිපීලා ඔබ නොඑන මේ බිම් තලාවේ පාළුව හඬයි රෑ දවාලේ කවදාක හෝ යලි සිනාසෙයි ආයේ ආවා කියා පෙම්බර වී හද වේදනාවන් නිවේවි සඳපාන වාගේ... නිල්වන් ගැබේහි පියඹා එන්නම් ප්‍රියේ ඔබ සොයාලා සිඳලන්න මේ කඳුළු ගංගා හද වේදනා මදිද වින්දා යළි මාවතේ මල් පිපීලා සමනල්ලු රෑනේ පිරීලා ඔබ මා ලඟින් ඉන්නවා නම් ආයේ ම මී වසන්තේ උදා වී හද වේදනාවන් නිවේවි සඳපාන වාගේ...