එදා තරම් මගේ සිතේ
Eda Tharam Mage Sithe
Music: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: ක්ලැරන්ස් විජේවර්ධන
Font size:
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක් සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක් පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක් සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../ මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../
Singers
Data
Last updated May 2026