Home/Songs/අඳුරු කැලේ සුසුදු මලේ

අඳුරු කැලේ සුසුදු මලේ

Anduru Kale Susudu Male

Font size:
අඳුරු කැලේ සුසුදු මලේ
කවදාදෝ පිපුනේ
රුදුරු ලොවේ ඇසුර දැනේ
මොනවාදෝ සිතුනේ //

කන්ද උඩින් මෝදු වෙවී හඳ පායනවා
පියැලි පුරා උතුරා පිනිබිඳු විසිරෙනවා //
කැලයේ පිපුනු මලේ ඔබේ
හසරැල් විකසිත වෙනවා

අඳුරු කැලේ සුසුදු .......

ලන්ද දිගේ බඹරා නුරා හඳ පාවෙනවා
සුවඳ උරා සැනහී ඈතක පියාඹනවා //
කැලයේ පිපුනු මලේ ඔබ
තනිවී මුකුලිත වෙනවා

අඳුරු කැලේ සුසුදු ........

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.