Font size:
අහස හිරු ගිනි දැවෙනා සඳ ගිලී වත නොබලා බිඳුණු තුරු පත් විසිරී රුදු සුලඟේ කෑ ගසා හඬා රස රිසි ලෙසේ බිඟු රද නැති ලොවේ පිදු මල රහසිනේ රහසිනේ පෙති හකුලලා ගියේ ඇයි ගියේ රුහිරු මා උර ගලනා හද පෙඟී ඉකි බිඳිනා ඉරුණු අත් තටු පැටලී මල් නටුවේ වේදනා ගෙනේ බොල් පිනි පිසු නුඹේ නෙතගේ අතැඟිලි තුඩු පවා වැලපෙතේ සුපිපුන මල් දහස් අතරේ නෙළු කුසුමිය ගියේ හැර ගියේ
Singers
Data
Last updated May 2026