Home/Songs/පැතූ සෙනෙහේ

පැතූ සෙනෙහේ

Pathu Senehe

Font size:
පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා...
ඇදි සිතුවම් හොරෙහින් මා ලගටම තුරුල් වෙලා...
සිත පතුලට උනුසුම් සුසුමක් ඇවිදින් සොයා...
ඒ සෙනෙහේ තාමත් නෑ සිහිනයක් වෙලා...


කෝලම් කරන් ආවට සිතයට ගුලි වෙමින්...
මිමිණුව වදන් මතකද නිල් අහසට තරම්...
නොනිදා නෙතේ නවතී නම්...
හිත ඈතින් ඈතට ආවද ලන්වෙලා...
අපෙ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා...


මායම් හිතේ ආදර හැගුමන් තවරමින්...
සුසුමක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතින්...
රැදෙනා හිතේ සුසුමක් තරම්...
සන්සාරෙම හුරුඒ සුවදේ පැටලිලා...
මගෙ ජීවිත ගමනට ඔය නෙතු ඉගිකලා....


පැතු සෙනෙහේ සේයා රූ...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.