Font size:
ඔබේ සෙනෙහේ දැවටෙමින් නෙතු පියා එහි රැඳවෙමින් කඳුළු පුරනා දෙනෙතු අභියස සොඳුරු මතකය බොඳ වුණි// අම්මේ අම්මේ අම්මේ අම්මේ ඇයිද මා තනිකලේ මව්නි කිම හැර ගියේ...// පායා එන සඳටත් වඩා ඔබ මට උණුසුම වූවා// අම්මේ... නොඑන ගමන් ගොස් ඔබ මා මේ ලොව තනිකලේ කුරිරු ලෝකයට බිහි කළේ කිමද මා මෙහි තනිකලේ ආදරේ නැතිවද අම්මේ// පාලුයි දැන් අත ඇති මල් මිට ගිලිහුණා පිපි පැතුම් පොඩි වියැකුණා මව්නි ඔබ මා හැර ගියා...///