Font size:
ආලෙන් වෙලී හිතේ තුරළු වී සරා සඳ දිගේ සුසුම් සර වදී නොයා හිතුමතේ බැදී ආදරෙන් කියාගන්න බෑ මගේ ආදරේ හීන අහුරු වල ගුලි වීලා සුපෙම් නුහුරු ගති නුඹ පානා ප්‍රේම පවුරු ලෙන්ගතු වීලා සුසුම් මිතුරු වී හිත පීරා පෙරුම් පුරා මට ළංවීලා හිතේ ඉන්න දඟකම් පාලා ආලෙන් වෙලී ..... දෙතොල් හාදු වැස්ස වහීවී අලුත් අහසෙ නුඹ පායාවී දෙනෙත් වලින් කතා කියාවී වදන් මියුරු කවි අමුණාවී නුඹයි සත්සරේ වීණාවී සෙනෙහසෙන් හිත පීරාවී ආලෙන් වෙලී ........
Singers
Data
Last updated May 2026