Home/Songs/ගමේ ගොඩ් සිදාදියේ කවුරුත් පාහේ

ගමේ ගොඩ් සිදාදියේ කවුරුත් පාහේ

Game Gode Sidadiye

Font size:
ගමේ ගොඩ් සිදාදියේ කවුරුත් පාහේ
විකුනන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ
මම පොලටයි ආවේ...................

රටා පැදුර විකුනගන්න බුලත් පුවක් අරන් යන්න
සරමක් බැනියමක් ගන්න
ගොවි මහතුනි එකතු වන්න...................

පොඩි පුතාට සීනි බෝල 
පුංචි දුවට වලලු මාල
ලොකු දෝනිට සිනිඳු සේල
අරගෙන යයි ගමේ රාල.....................

කට්ටඩියයි වෙද රාලයි
ගුරු මහතයි ගමරාලයි
ගම මහගෙයි පොඩි මැණිකෙයි
එක්වන කඩපොළ මේකයි.......................

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.