Home/Songs/බයිසිකලය

බයිසිකලය

Baisikalaya

Music: යුකී නවරත්න
Font size:
ලෝකේ තේරුම් ගන්න පාරේ ඇවිදපන් පයින් 
වෙයන් අයින් මල් එන්නේ පල් විලෙන්මයි
ජීවිතේ වන්දනාවක්, නැගපන් ලන්දේ මාවත් අපි අපිමයි
අමාවකට නෑ හඳේ හාවත්
මගේ රට වෙනස් වෙලා මිනිස්සු වෙනස් වෙලා 
ගල් රටේ බොල් රජෙක් සිතුවිලි වෙනස් වෙලා 
මැරෙනෙක ලේසිලු ජීවත් වෙනවට වඩා 
සිංහලු දිහා බලන් හිනා වෙනවැති 
ප්‍රභා බ්ලේඩ් තල යන්නයයි මැණික් කටුවට 
බෙල්ල යයි පීල්ල උඩ කෝච්චි එනකොට 
එත් හිතපන් උඹ ගැන වටේ උන් ගැන 
කොහෙ හරි ඇති කනක් උඹේ දුකකට  
බිව්වේ කිරි ණයට ණය ගැති මවට 
සසර එතෙර වෙයිද වීරයෙක් වෙයිද කවට 
අතැර භෞතික සැප හිත ලෞකික 
තවමත් අපාය පෙනි පෙනි යාවිද තවුතිස 
පැරදුම මේකද පැවරුම අ
රන් වැඩකුත් නෑ හත් දවසේ සැමරුම 
සැනෙකින් දොර ඇරේවි හෙට 
ප්‍රේත භවනේ සාමෙන්ම සැතපේවි පසුපස එන පවනේ 
රැව් දෙන්නේ සවනේ සත්කඩ සිත සාදන 
නැද්ද කිසිවෙක් ළඟ පෑරුණු මොල පාදන 
අවලාදම නසන්න එළියක් හෝ 
අඳුරින් පැදුරින් බිම නොවී වැටේද ලිපට කබලින් 
කරදඬු උනත් සාත්තු ලෙඩ උන උඹ අරං ගානේ වාට්ටු 
ගිය මව පියා දඩයමේ කාර්තු 
දීමනාව මාර්තු ඉකිගහන් ගෙව්වා නේද පහසුකන් ගාස්තු 
ඒ වෙලත් උඹ පැද්ද රවුම් 
බුදුපහන් තියන් කරන්න එපා කන්නලව්  
තොණ්ඩු ගැට ලිහිල් කරපන් මරුවාගේ මේදහන් ගැට 
දාලා ගිය ආදරේට පලි නැහැ පහන් වැට 
මල්ලි ගනින් රෝද දෙක සානුකම්පාවට දියණ order එක 
තොපි බෝඩරේක නෙමේ ඕන එකක් 
පිලිගනින් දිවිනසා ගැනීම මෝඩ එක

අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති 

මුළු ලෝකෙම නුඹගේ කර මත නුඹව තෙරපද්දිත්
Tamil Rap 
රේසරෙන් කඩපු තලෙත් නහරෙටම කැපුවා මම 
නහරේ ළඟ නැවතිලා දෙවියන්ගෙන් ඇහුවා 
ඇයි අම්මේ මැරුවෙ නැත්තේ ඉපදුනු දා 
මම මං කරපු පවු ගෙවන්න තියෙනවද තාමත් 
එවිට ඈ සිනහ වී දෑස් වහගෙන 
පිස්සු බං මේ ගෑනිට මාව තේරෙන්නෑ මිසක් 
මාස තුනක් හිටියා අම්මා ඉස්පිරිතාලේ 
සෑහෙන්න ගියා මමත් මහරගම පාරෙන් 
මම ආස කරපු පාට නැතුවාට කන්න රහට 
මතවාදී හිත් තුලම අද වඳ පාටයි 
ගිනි ගත්ත හදවත් අලු වැටෙන දාට 
සලුවක් අරන් නිවනක් හොයන හැටි පුදුමයි 
යතාරූප හතර අත දෙසුවත් හිතවත් හිත මිතුරු 
සුළඟ වැහි වලාවක් හිනාවක් නැති කතාවක් 
වරෙන් හොරෙන් මව හෙන් හොරා 
හිත හිත නොහිත මේක පොඩි කතාවක් 
ඉස්සර කාලේ රැඩිකලේ කල්පනා කරලයි 
වැඩ කලේ නින්දට කලින් මනසේ 
හිඩසේ විස අහක් කලේ 
මතක් කලේ සාස්තරේ කටකහන් නිතර බය 
fail amico ටිකක් විතර
හා හා හා!! ලස්සනයි මරාගෙන මැරියන් පස්මකයි 
ගලපනවනම් දස්කමයි ජීවිතේ සරලයි හාස්කමයි  
  
අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

දසමස මවු කුස දරාගෙන අපි 
එළියට ආවට දැක්කෙ නෑ අම්මගේ කඳුලු 
ඒක තමා අම්මෙක් විඳි ලොකුම දුක 
දුකට ගෙවන්න බෑ ණය හානි කරන් දිවි පුත
මෙලොව එළිය දකින්නට ලබන්නට 
මනුසතෙකු වෙන්නට ඕනේ භවේ පෙර පින 
හම්බුන භවෙන් ගැලවිලා යන්න 
මේ පවෙන් හෙවිය යුතුමයි 
මනසින් නැති කරගන්න දුක්ඛ මාර්ග 
මැදුම් පිළිවෙතෙ ඉන්නකොට එන ප්‍රශ්න වෙයි සාමාන්‍ය 
පේන දේම නේද ගේන්නෙ දුකම 
ක්ෂනික තීරණ එපා ගන්න ජීවිතේ ගැන 
සතුට හම්බෙයි හෙව්වොත් නිර්වාණය 
යව්වනේ පොපියන පානය බොට වහ නම් 
පොඩිකාලේ සෙල්ලම් ගහ එල්ලුම් ගහ නම් 
හොටු පෙරන් ඇඩුව කඳුලු පැණි රහනම් 
Drill Team තනි කළු සවන් දීම තහනම් 
පොත පැත්තක පෙම් ශ්‍රේණිය 
පැරදුන උන් වඳිනවා යාල් දේවිය 
ඇරයුම් කරන්න එපා සංකාවට 
හසරක් තේරෙන්නේ නැති සිලිං පංකාවට 
හති වැටෙනකන් ඒත් පලයන් පාගපන් 
සයිකලේ වැටේ ඒත් බලයක් 
ක්ෂනික තීරණ බ්ලේඩ් තලයක් 
ඉවසීම කරගනින් යාළු බ්රේක් තලයක්

දැන් කොල්ලො වහපෙති මෙහෙ බොන්නේ වගේ පණු පෙති 
කෝ තහනම් අනුමැති සෞඛය ඇමති අගමැති   
නුවණට අධිපති ඉඳගෙන ඝනපති 
මුල් පිටුවේවත් දැක්කේ නැද්ද හිටං ඉන්න ජනපති 
සටහන් සියදිවි ශාක්‍යතා 1996 දිවි 9000 මෙදා 
4000 වසරට ආදරෙ විපාකෙට 
අධාපන පොදු සාපෙ මරණ විභාගෙට 
මූණ දුන්නු එකා ජීවිතේ වේවි 
පරිණත පීඩන මොලෙන් හසුරන් පරාදයි පරිපථ 
කරයි හැමදාම මාරයා බොට 
කපුකන් යන්න එපා අකුලන් වෙයන් උට පතුරන්

අරන් ආපු පව් ගෙවපාන් එන පාර ජිවත් වෙන්න 
ජීවිතේම දිග දවසක් යමු යමු 
අපි ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

හඳත් එතන නෑ මමත් මෙතන නෑ 
රිදෙන්න තැන් නැහැ ඔබත් නොදන්න ගොඩක් දේ ඇති 
ප්‍රමාද නෑ ඇති උනාට කම්නැති

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.