Home/Songs/සිහින අහසේ

සිහින අහසේ

Sihina Ahase

Music: සරත් දසනායක Lyrics: උපාලි ධනවලවිතාන
Font size:
චිත්‍රපටය: නැවත හමුවෙමු (1982)

සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා

මග එළි මවනා - තරුකැන් ඔබවේ
තනිවූ කතර ඉමේ
ගීතිකා එවන් ලොවේ - මා නමින් අදත් ඇසේ
බිඟු නද පාවේ - ඔය හඬ වාගේ
සවනේ රැව්දේ

සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ

සිහිලැල් පවනේ - ගී හඬ විසිරී
මතකය ඈත රැඳේ
මා හදේ හිරුත් ඔබයි - මා හදේ සඳුත් ඔබයි
දෙවියන් ඔබවේ - පුදදෙම් සැමදා
මහද ප්‍රණාමේ 

සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
රංචු ගැහිලා කුරුල්ලෝ - ඔහේ පියඹා ගියාවේ
තුරුලිය ගොමුවේ - මත් බිඟු සේනා
රොන් රස ඉල්ලා මල් හැඟුම්
සිහින අහසේ වසන්තේ - තාරකා මල් හිනැහුනා
ඒ හෙ හේ හේ... ඕ හො හෝ හෝ... ආ හ හා හා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.