දුර ඈත සුළඟේද
Dura Atha Sulageda
Music: රෝහණ වීරසිංහ Lyrics: වසන්ත කුමාර කොබවක
Font size:
දුර ඈත සුළඟේද පාවී හමන්නේ උප නූපන් හැම වාරයේ මුදු සීත සුවඳේද මුසු වී දැනෙන්නේ සංසාර ආරණ්‍යයේ බිඟු ගායනා සුයාමේ පෙර ඇසුරදෝ හැඟෙන්නේ උන්මාද යෞවනය විසිරී ගියාවේ මේ රම්‍ය මිටියාවතේ... ප්‍රියයාණනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා තුරුවැල් විමානේ රැව් දෙන්නේ මේ විහඟ ගී ගායනා... ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ සිහිලැල් නොවේ වස්සානයේ උණුහුම පිරේ පෙම් සිතේ කවිකම් විලාසෙන් ලියවෙන්නේ මේ සොඳුරු සංගායනා... දුර ඈත සුළඟේද...