Font size:
මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ පිරිත් කියා නතර උනා රජරට සේවේ අප්පච්චී ඇයි තව නාවේ මේ මැදියම් යාමේ... (සන්හිඳ ලඟ දේවාලේ යාතිකා ගොළුයි චෙට්ටියාර්ගේ කඩේ රෑ පාන නිවෙයි....//) නූල් පොටක් නැති අහසේ කළුවර පමණයි රෑ කළුවර පමණයි.... (වන්නි වනන්තරේ නපුරු යුදගිණි පුපුරයි අම්මා නැති ලේන් පැටව් හීනෙන් බයවෙයි....//) හීන දකින අප්පච්චී කළුවර නපුරුයි රෑ කළුවර නපුරුයි..... මන්නාරම් බස් එක නෑ.....
Singers
Data
Last updated May 2026