Home/Songs/පවනට සැලෙනා

පවනට සැලෙනා

Pawanata Salena

Music: ප්‍රේමසිරි කේමදාස Lyrics: ධර්මසිරි බණ්ඩාරනායක
Font size:
පවනට සැලෙනා - දොඹ මල් සුවදින් 
ආදර හසරැල් මුවට නැගේදෝ 
සවනට කොදුරා - පවසන වදනින් 
ආදර හැගුමන් සිතට දැනෙයිදෝ...

මල් ඇතිරුනු ඒ සුවයහනේ ඔබ 
අඞවන් දෙනෙතින් ආල වඩයි දෝ 
මා ඇකයේ සිට පොඞි පුතු හඞනා 
ඒ දුක්බර හඞ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඞනා සද 
ලේ කිරි වි දැයි නොදනිමි මා ලද 
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සද 
දුටුවේ වැහිරුනු කදුලු පමණි ලද...

පවනට සැලෙනා .../

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.