ප්‍රේමායුධ
Premayudha
Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
(ප්‍රේමණීය ප්‍රේම විමනේ සුළං කපොළු බිඳ දමා චණ්ඩ සුලි සුළං හමාලා ගිනියම් කළා......//) (මගේ පෙම්බරා පසුපස හඹා එන්නේ ඇයි මේ ලෙස අණ වින මායා බන්ධන දවයි ආදරේ ගිනිගෙන.......//) මගේ ප්‍රේම පුදසුනට හිත් වේදනා දුන්නේ ඇයි බිඳලන්න පෙම් බැම්ම බලවේගයන් එව්වේ ඇයි (නෑ සැලෙන්නේ..... බිය නෑ සිත කොණකවත්.....//) රැකගන්න මගේ පෙම්බරා ඇත මා සිත අවි දරා...... (ප්‍රේමායුධ......////) යන්තර මන්තර ගුප්ත කතන්දර කේන්දරේ පටලා මළවුන් බන්දා ජපකොට මතුරා තොවිලය බෙර පැලුවා ආදරේ ලබන්න ප්‍රේමය දිනන්න වෛරයේ ගිනි මොලවා කරන්නේ මොනවද මිිනිස් ප්‍රාණයක වටිනාකම නොතකා....... ප්‍රේමණීය ප්‍රේම....... (ප්‍රේමායුධ......////) (ප්‍රේමායුධ......////)