Home/Songs/සංහිඳේ දෙවියන්ගෙ පාමුල

සංහිඳේ දෙවියන්ගෙ පාමුල

Sanhinde Deviyange Pamula

Music: සුනිල් දයානන්ද කෝනාර Lyrics: සුජීව හෙට්ටිතන්ත්‍රි
Font size:
සංහිඳේ දෙවියන්ගෙ පාමුල කඳුළු තියලා එන වෙලේ 
වැව් කොනේ තනි එකා ඉඳලා දිවුල් හෙව්වද උඹෙ කුසේ 
අඳුර ඇඳගෙන ඇත්තු ඇවිදින හරිම මූසල මණ්ඩියේ 
වැවේ දෙවියනි මේ තියෙන්නේ අපි උදේ කෑ වැල් අලේ 

රැහැයියෝ ඔය ජප කරන්නේ වැදුම් ගෙදරක මන්තරේ 
පොඩි එකා ඇහැ පියාගන්නැති දකින්නට පෙර කිරි කලේ 
වී දෙපෑලක් උගස් කරලා ගෙනත් ඇති පංචායුදේ 
අලි හිතක් ඇයි අඩිය තිබ්බේ පොඩි පුතා සැතපුණු කුසේ 

කනාමැදිරියො එළිය නිවලා ගුලිවෙලා ඇති මගෙ පැලේ 
ගහක් මුදුනට හඳත් නැගලා බලා ඉන්නැති මර බයේ 
මිරිස් හේනක දුව පනින්නට පුතත් එක්කල මහ වනේ 
නංගියේ උඹ ඇවිත් යනවද හීනයක හෙට කළුවරේ

සංහිඳේ දෙවියන්ගෙ පාමුල....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.