Home/Songs/මෙලොව තිබෙන

මෙලොව තිබෙන

Melowa Thibena

Font size:
මෙලොව තිබෙන අමිල නිමල
මඳුර සැප එපා
උදය සවස වැළඳ වඳිමි අම්මේ
ඔබේ දෙපා //

මා  ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුනේ
සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු වරුණේ
සුවදෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
සරණා තුරු සසරේ මට ඔබමයි සරණේ

මෙලොව තිබෙන ....

අගනා මහිමය හඳුනනු පිණිස නැත යෙදුම්
නොමියෙන ගුණයට කරමිද කෙලෙස මා පිදුම්
මද බැති මල් පුදමි වැඳ දොහොත දී මුදුන්
අම්මේ ඔබමයි මා සසරේහිද දුටු බුදුන්

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.