මල් යහනාවකි ලෝකේ
Mal Yahanawaki Loke
Music: ප්‍රේමලාල් දන්වත්ත Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවක වියැකී ජීවය තණ අග පිණි බිඳකී...// මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ...// සඳ බැස යාවිද ඉරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ...// සිතෙහි සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ...// යන නොසිතු වෙලාවක වියැකී ජීවය තණ අග පිණි බිඳකී...// මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ රන්වන් පැහැයෙන් රහසින් අමතන මීවිත අතට ගමු මීවිත අතට ගමු...// මල් මදිරාවේ පෙම් සිළිලාරෙ රසවිද ඔකඳ වෙමු රසවිද ඔකඳ වෙමු...// පියා සලාගෙන කාලය පියඹනවා පමා වුනෝතින් අප මග තනිවෙනවා මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ...// අඬමින් ඉපදී අඬමින් පසු වී අඬමින් අප යන්නේ අඬමින් අප යන්නේ...// එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි ඇයි බල බල ඉන්නේ ඇයි බල බල ඉන්නේ...// පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ...//