Font size:
මේ තරම් විසල් අහසක් තරුවලින් වසන්නට බෑ... ඒ වගෙයි මගේ හැගුමන් තරුවලින් ගණින්නට බෑ... නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්... ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්.. එකින් එක නෙලා කඳුළැලි රකින විට ලෙසින් සිළුමිණි... පලක් වෙද කියා නො අසනු මැනවි යලි ඉතින්.. මගේ කඳුළු මට හිමි නැති තරම් පිනැති නම් ඉපිලෙමි ජීවිතය දකින්නේ මම ඒ කඳුලින් නම් එය ආදරයම නම් පහන් තෙර සොයා දළුලන පහන් වැටි වෙලා ගෙන එන.. රැයේ සුවඳ මා හඬවන කරුන මට කියන් ඔබේ නෙත් දිහා නොබලමි මගේ නෙත් වසා පවසමි ආදරය විඳින්නේ මම ඒ සුවඳින් නම් එය ජීවිතයම නම්.... මේ තරම් විසල් අහසක්....
Singers
Data
Last updated May 2026