Home/Songs/ඔජායේ (Remix)

ඔජායේ (Remix)

Ojaye (Remix)

Music: රුක්ෂාන් මාර්ක්
Font size:
විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
තාමත් මතකයි සිදුවෙච්ච දේ එදා
දුර බිම් තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
මහ කැලයේ වැද්දන් දැක ගත්තා
වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා ප්‍රීතියෙන්
(ඕයියේ ඔජායේ......////)

දුන්නයි ඊතලයයි ගෙට එළිය ගෙනල්ලා
ආයුධ වලින් කරන ශිල්ප පෙන්නුවා
මී පැණි පොවලා මුව ගෝනමස් වදාලා
කෑමත් දීලා සංගීතයක් දමාලා වැදි ගී
කියමින් පොඩි නැටුමක් නැටුවා ප්‍රීතියෙන්
(ඕයියේ ඔජායේ......////)

නායක වැද්දාගේ දුව ගෝමරී හැඩකාරී
නගරේ නෑ කෙල්ලෙක් දැක්කේ ඒ වාගේ
බැඳුණත් සිත මට කරගන්නට ඈ භාරී
මට බය හිතුණා ඈ හරි කටකාරී
ආශා හිතුණා ඈ කියු ගී මිහිරි
නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ
වැද්දන් අතරේ මේ ගුණදම් ඇත්තේ
නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
ඒ ගැන සිතමින් මම එන්නට ආවේ
තාමත් රැව් දෙයි ඒ වැදි ගී නාදේ
(ඕයියේ ඔජායේ......////)
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.