සුදු හංසියේ මිහිරාවියේ
Sudu Hansiye Mihiraviye
Music: සරත් ද අල්විස් Lyrics: හේමසිරි හල්පිට
Font size:
සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ මගෙ අත දවටා ඔබේ බඳ වටා මා වෙත තව තව ඔබ ළං කරගෙන නිර්මල හදවත මුමුණන රිද්මය අහන්න කීවා මතකද දවසක් දා සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ (ඔබේ ළඟම හැම දිනේ හිඳින්නම් මම ඔබගේමයි ඔබ කීවේ...//) ජීවිතය දැනෙන්නේ ඔබගෙන් බව මට (කියු හැටි යළි යළි මතකේ මැවේ...//) සුදු හංසියේ මිහිරාවියේ සුදු හංසියේ මිහිරාවියේ (මගේ හීන ගිනි තබා මියෙන්නම් ඔබ නොලැබීමයි මගෙ දෛවේ...//) ආදරය තිබෙන්නේ විඳගන්නට මිස (දුක් විඳ විඳ විඳවන්න නොවේ...//) සුදු හංසියේ මිහිරාවියේ....