Home/Songs/ඇමතුමක් ඔබගෙන්

ඇමතුමක් ඔබගෙන්

Amathumak Obagen

Music: තිලිණ බොරලැස්ස Lyrics: සජිත් චතුරංග
Font size:
ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
මග බලා හිටියත් තව නෑ ලැබිලා
මාව දමා ගියදා ඉඳලා
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......

අද ඊයේ වගේ සෙනෙහේ මට ඔබේ
රැඳිලා තියේ හදව‍තේ
මැරුණත් එක වලේ හිඳිමුයි කීවේ
මට ඇයි පෙරදා මුවින් ඔබගේ
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......

තරහක් නෑ මගේ කිසිදා හදවතේ
මම දිව්රන්නම් ඔබ කෙරේ
සතුටින් ඇති නම් ලොවේ ඔබගේ
සතුටත් එයමයි මගේ දිවියේ
තාම ඔබේ මතකේ හැරදා
යන්න තරම් හිත නෑ හැදිලා.......

ඇමතුමක් ඔබගෙන්........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.