විශ්වය විනිවිද
Vishwaya Vinivida
Music: දර්ශන රුවන් දිසානායක Lyrics: අමිල තේනුවර
Font size:
විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි හාත්පසම රැකවරණ ලබා දී කාත්කවුරුවත් නොමැති නුඹ ළඟින් සදා හිඳිමි නොපෙනී දුර සිටියත් ආලෝකය ශත වසක් තරු එළියත් මහ පොළොවට ඒ නම් ඇයි නුඹ මට අහිමි දේවත්වයේ ඇති සොඳුරුම රූපය ආදරයම බව නුඹගෙන් හඳුනා අනාදර ලොවෙන් නුඹ මුදවාලමි නුඹ මුදවාලමි අසීමාන්තික ප්‍රේමය මට දුන් නුඹේ උතුම් දෙව් ආත්මයට මං පේවීලා හිඳිමී දිව්‍යෙලාවක මිනිරුවන් සැඟව ගිය ජීවිතයේ අළු බඳුන විසුරුවා ආත්මයටම මාගේ සුළඟට මුසු කර සුළඟට පා කරමි අසීමාන්තික ප්‍රේමය ....
Singers
Data
Last updated May 2026