Home/Songs/සැවන්දරී හොරැහින් අඩගැහුවා

සැවන්දරී හොරැහින් අඩගැහුවා

Sawandari horahin adagahuwa

Font size:
සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා 
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා 

සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා 
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා

සැවන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා
නිරන්තරේ සියොලඟ පිරිමදිණා
කතන්දරේකට නුඹ මුල පිරුවා

සිහිනෙන්ද සංවාද රහසින් විසදා 
සංගීත සන්ධ්‍යාව සේ රස සසදා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා 
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා 
සසරේ දුක මග හැරුණා
සැවන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්‍රේමෙන් මම හැදුණා
	
සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා 
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද අතිරූ පොලොවේ ගැසුවා 

සිහිනෙන්ද සංවාද දහසින් කෙරුවා 
සංගීත සන්ධ්‍යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මග හැරුණා

සැවන්දරි හොරහින් අඬගැහුවා
අවංක මං එතැනම ගල් ගැසුණා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.